පොහොට්ටුවේ ප්‍රථම විධායක සභා රැස්වීම සාර්ථක බව පක්ෂය කියයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, කොළඹ (LNW): 2024 වර්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම විධායක සභා රැස්වීම, ඊයේ (27) වන දින ප. ව. 3.00 හිටපු පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, විජේරාම මාවත නිල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එය ඉතා සාර්ථකව නිමවූ බව පක්ෂය පවසයි.

එහිදී විශේෂ කරුණු කීපයක් පිළිබඳ අවධානය යොමු වී ඇති බවත් , පක්ෂ ව්‍යවස්ථාව ප්‍රකාරව පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා විධායක සභාවේ එකමතික යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නාමය සභා සම්මත වූ බවද පැවසේ.

ඊට අමතරව, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විතව විනය කමිටුව සහ බේරුම්කාර කමිටුව මේ අවස්ථාවේදී පක්ෂයේ විධායක සභාවේ ඒකමතික යෝජනා ස්ථිරත්වයෙන් සභා සම්මත කර ගත් බවද එම පක්ෂය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...