පොහොට්ටුවේ ප්‍රථම විධායක සභා රැස්වීම සාර්ථක බව පක්ෂය කියයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, කොළඹ (LNW): 2024 වර්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම විධායක සභා රැස්වීම, ඊයේ (27) වන දින ප. ව. 3.00 හිටපු පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, විජේරාම මාවත නිල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එය ඉතා සාර්ථකව නිමවූ බව පක්ෂය පවසයි.

එහිදී විශේෂ කරුණු කීපයක් පිළිබඳ අවධානය යොමු වී ඇති බවත් , පක්ෂ ව්‍යවස්ථාව ප්‍රකාරව පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා විධායක සභාවේ එකමතික යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නාමය සභා සම්මත වූ බවද පැවසේ.

ඊට අමතරව, ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විතව විනය කමිටුව සහ බේරුම්කාර කමිටුව මේ අවස්ථාවේදී පක්ෂයේ විධායක සභාවේ ඒකමතික යෝජනා ස්ථිරත්වයෙන් සභා සම්මත කර ගත් බවද එම පක්ෂය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...