රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නවා – ප්‍රසන්න රණවීර

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, කොළඹ (LNW): රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත්, ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් ,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා

පසුගිය සමයේ රටේ පැවති ආර්ථික අර්බුදය සමනය කර ගනිමින් මේ වන විට අප රටක් ලෙස සැලකිය යුතු ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙනවා. ජනවාරි, පෙබරවාරි මාස දෙක තුළ පමණක් සංචාරකයන් ලක්ෂ 05ක් පමණ දිවයිනට පැමිණ තිබෙනවා. ඒ වගේම අප රටේ සිටින ව්‍යවසායකයන් ප්‍රමාණය 2.5% සිට 3%ක් දක්වා වර්ධනය කර ගැනීමට ද හැකියාව ලැබී තිබෙනවා. මෙම දත්ත මඟින් රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙනවා.

ඒ වගේම ඇඟලුම් හා පේෂකර්මාන්ත ආයතනය විසින් ළමුන් 500කට ආසන්න ප්‍රමාණයකට ඩිප්ලෝමා පාඨමාලා සහතික පත්‍ර ලබා දී තිබෙනවා. IDB ආයතනය සමඟ ඒකාබද්ධව පාසැල් ව්‍යවසායක කව නිර්මාණය කර දරුවන් ඇගයිමට ලක් කිරීමට ද අපට හැකියාව ලැබුණා. පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව ද කිව යුතුයි. එමඟින් නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිය හැකියි.

දිළිඳු පවුල් ලක්ෂ 24ක් වෙනුවෙන් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථකව සිදුකරමින් සිටිනවා. පළමු වන වසරේ සිට පහ වසර දක්වා පාසැල් ළමුන් ලක්ෂ 17කගේ පෝෂණ අවශ්‍යතාව සැපිරීමේ අරමුණින් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන ද මේ වන විට ආරම්භ කර සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

තව ද මැටි, පිත්තල සහ වේවැල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතාලිය, කැනඩාව මෙන්ම ජර්මනිය ඇතුළු රටවල් වෙත මෙරට නිෂ්පාදන අපනයනය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ආසියානු සංවර්ධන අරමුදල සමඟ එක්ව සහනදායී පොලී අනුපාතයකට ණය ලබාදීමට ද අප කටයුතු කර තිබෙනවා.

ඒ වගේම වේවැල් ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වී තිබුණා. අප විසින් ඒ සම්බන්ධයෙන් වනජීවි හා වන සංරක්ෂණ අමත්‍යාංශය සමඟ සාකච්ඡා කර වේවැල් 500ක් දක්වා ප්‍රවාහන කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. තවද මැටි ප්‍රවාහන කිරීමේ දී කියුබ් 05ක උපරිමයක් සඳහා අවසර ලබාදීමට ජාතික ශිල්ප සභාව සමඟ සාකච්ඡා කර අවස්ථාව සලසා දී තිබෙනවා”

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...