*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දෙවන භාගයේ සමාන වුණාට පළමු භාගයේ වෙන්න ඕනි දේ පොලීසියට වෙලා ඉවරයි

නිපෝන් පේන්ට් ජාතික රගර් ලීග් තරගාවලියේ සූරතාවය සඳහා තරඟ වඳින කණ්ඩායම් අතරින් ඊයේ (මාර්තු 27) පැවති මහනුවර සහ පොලිස් කණ්ඩායම් අතර තරඟයේ දෙවන භාගයේ දී මහනුවර කණ්ඩායම මෙන්ම පොලිස් කණ්ඩායම ද ලකුණු 7 බැඟීන් රැස් කරත්,පළමු අර්ධයේ ලත් වාසිය නිසා මහනුවර කණ්ඩායමට ලකුණු 21 – 7 ක ජයක් හිමි විය.මහනුවර සිට කොළඹ පොලිස් ක්‍රීඩාංගණයට පැමිණි මහනුවර කණ්ඩායම තරඟයේ පළමු අර්ධයේ දී හේෂාන් කල්හාර සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර ලබාගත් උථ්සාහක දිණුම් දෙකත්,තරින්ද රත්වත්ත ඒවා සාර්ථකව ප්‍රවර්ථනය කිරීමත් නිසා ලකුණු 14 ක් දක්වා සිය ලකුණු තත්ත්වය ඉහළ දමා ගත්තේය.ඒ කිසිඳු ලකුණක් පොලිස් කණ්ඩායමට රැස් කරන්නට ඉඩ නොතබමින්ය.

තරඟයේ දෙවන අර්ධයේ කහපාත් අවවාදයකට පොලිස් කණ්ඩායමේ ගිහාන් සිල්වා ලක් වීමත් එය අනීතික ලෙස කරන ලද බාධාවක් හැටියටත් විනිසුරුවරයා හඳුනා ගැනීමත් නිසා උත්සාහක දිණුමක සහ එහි ප්‍රවර්ථනයේ ලකුණු අයත් වන පෙනල්ටි ට්‍රයි අවස්ථාවක්ද මහනුවර කණ්ඪායමට හිමි විය.ඒ අනුව ලකුණු 21 – 0 ක් ලෙස තරඟයේ 57 වන විනාඩිය තෙක්ස තරගයේ පාලනය රඳවා ගෙන සිටීමට මහනුවර කණ්ඩායම සමත් විය.නමුත් 57 වන විනාඩියේදි ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමේ වගීෂ වීරසිංහ උත්සාහක දිණුමක් ලබා ගැනීමට සමත් විය.එය සාර්ථක ප්‍රවර්ථනයක් බවට පත් කළ පොලිස් කණ්ඩායමේ සුලක්ෂණ රුබේරු පොලිස් කණ්ඩායමේ ලකුණු පූවරුව ලකුණු 7 ක් බවට පත් කළ අතර ඉනික්බිතිව තරඟය නිමා වන තෙක්ම දෙපිළිම ගත් උත්සාහයන් ව්‍යර්ථ වෙමින් ලකුණු පූවරුව 21 – 7 ක් ලෙස නොවෙනස්ව පැවතියේය.

දෙපිළ තරඟාවලියේ පළමු වටයේ දී නිත්තවෙලදී මුණ ගැසුණු විට මහනුවර කණ්ඩායම තරගය ජය ගත්තේ 36 – 23 ක් ලෙස ය.එහිදී දෙපිළම ලකුණු ලබා ගැනීමෙන් ඉදිරියෙන් සිටියේය.එහිදී පළමු භාගයේදි මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 24 – 6 ක් ලෙස තරගයේ පාලනය තමන් සතු කර ගත්හ.එහෙත් දෙවන වටයේදී පොලිසිය තමන් ලබා සිටි ලකුණු 6 ට තවත් ලකුණු 17 ක් එකතු කරද්දි,මහනුවර ලකුණු පූවරුවට ලකුණු 12 ක් පමණක් එක් වෙන්නට දෙමින් පාලනය කරන්නට පොලිසිය සමත් වූහ.

තරඟයේ පළමු අර්ධයේ පළමු තත්පරයේ සිට ආක්‍රමණය ආරම්භ කරන මහනුවර කණ්ඩායම බොහෝ අවස්ථාවන් හී තරගයේ ජයග්‍රහණයේ වටපිටාව පළමු අර්ධයේදී ස්ථාවර කර ගැනීම තරගාවලිය පුරාම දකින්නට ලැබුණු තත්ත්වයකි.එහෙත් ඕනෑම අවස්ථාවක තරගයේ වෙනස්කමක් කිරීමට හැකි පරිදි යෙදවිය හැකි ක්‍රීඩක සංචිතයක් මහනුවර සතු වීම ඔවුන් ලද ආශිර්වාදයකි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan