ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් – රොයිටර් වාර්තා කරයි

Date:

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ. ජාත්‍යන්තර රොයිටර් පුවත් සේවය මේ පිළිබඳව වාර්තා කරයි.

රොයිටර් වාර්තාවට අනුව මෙම මුදල ඉල්ලා තිබෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහායි.

මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය පාර්ශ්ව දෙකක් හරහා කරුණු තහවුරු කරගෙන තිබෙනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව සතු විදෙස් සංචිත ප්‍රමාණය 70% කින් පහත වැටී ඇති අතර මේ නිසා එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහාද විදෙස් රටවලින් ණය ලබා ගැනීමට සිදුව තිබෙනවා. ඒ, මීට පෙර ලබාගෙන ඇති ණය සඳහා වාරික ගෙවීමට අමතරවයි.

මීට පෙර ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගත් අතර අලුත් අවුරුදු උත්සවය සමය දක්වා ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්නේ එම ණය මුදල් භාවිතා කරමිනි.

ඊට පෙරද ඉන්දියාවෙන් ණය මුදලක් ලබාගත් අතර බංග්ලාදේශයෙන් හුවමාරු ණයක්ද ලබාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවෙන්ද ණය මුදලක් ඉල්ලා ඇති අතර ඒ, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහායි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...