පුනරුද පොලීසියත් සුපුරුදු පාරේ – සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවේ නියුතු උපාධිධාරීන් මහ රෑ අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ පිරිසක් පොලීසිය විසින් අද (28) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය අද අලුයම 02.00 – 02.30 අතර වේලාවකදී එම ස්ථානයට කඩා පැන මෙසේ විරෝධතාකරුවන්ව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ පිළිබඳව මරදාන පොලීසියෙන් කළ විමසීමකදී එහි ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ නියෝගයකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළ බවකි.

කෙසේවෙතත් අධිකරණ නියෝගය පොලීසියට ලැබුණේ මහ රෑද, එසේත් නොමැති නම් මේ විරෝධතාකරුවන්ව මහ රෑ අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කළේ කවුරුන්ද යන ප්‍රශ්න මෙහිදී මතුවේ.

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් බිහිවන සියලුම සම සෞඛ්‍ය උපාධිධාරීන් වහාම රජයේ සේවයට බඳවා ගන්නා ලෙසත් වහාම සීමාවාසික පුහුණුව ලබාදෙන ලෙසත් රජය සේවයට බඳවා ගැනීම වෙනුවෙන් හඳුන්වා දී තිබෙන විභාග ක්‍රමවේදය වහාම අහෝසි කරන ලෙසත් ඉල්ලමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ පිරිසක් ඊයේ (27) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පා ගමනින් පැමිණ අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වූ අතර ඔවුන් ඊයේ රාත්‍රියේ සිට එම ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කරමින් රැඳී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...