ජපානය ඇමරිකානු ඩොලර් මිලියන 3 ක ප්‍රදානයක් සමඟින් ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර සංවර්ධනයට අත දෙයි!

Date:

සටහන – පුලී
මාර්තු 28, කොළඹ (LNW):
 ජපානය සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහතික කිරීම සඳහා අභ්‍යන්තර ධීවර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සමඟ සහයෝගයෙන්, ජපාන රජය පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3 ක ප්‍රදානයක් වෙන් කර ඇත.

මෙම මුලපිරීම මගින් ශ්‍රී ලංකාවේ ධීවර අංශය නඟා සිටුවීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම අවධාරණය කරන අතර සමුද්‍රීය ධීවර කර්මාන්තයෙන් ඔබ්බට ගොස් අභ්‍යන්තර ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට මෙය මහඟු රුකුලක් වනු ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙහි කැපවීමත් සමඟ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආහාර සුරක්ෂිතතාව, ජීවනෝපායන් නඟාසිටුවීම සහ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි කල් පවතින ධනාත්මක බලපෑමක් ඇති කරයි.

ග්‍රාමීය ප්‍රජාවන් සහ ධීවර කර්මාන්තය සමෘද්ධිමත් වන අනාගතයක් සඳහා, ශ්‍රී ලංකාවේ ධීවර අංශයට සහාය වීම සඳහා ජපානය මෙසේ සිය කැපවීම නැවත තහවුරු කරයි.

ජපානය විසින් අරමුදල් සපයන ලද සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ක්‍රියාත්මක කරන ලද ඩොලර් මිලියන 3 ක ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම සහ තිරසාර ජලජීවී වගාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...