Wednesday, May 31, 2023
spot_img

Latest Posts

ආනයනික බිත්තර මෙම සතිය තුළ වෙළඳපොළට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ ඒකක දන්වන්නේ , ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර තොගය පරීක්ෂණ කටයුතු අවසන් කර මෙම සතිය තුළ මුදා හැරීමට අවශ්‍ය සහතික නිකුත් කළ හැකි බවයි.

ඉකුත් 24වනදා එම බිත්තර තොගයෙන් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ ඒකකය පවසන්නේ , ඒ සඳහා අවම දින 3ක කාලයක් ගත වන අතර එම වාර්තාව නිකුත් වීමෙන් පසු එහි ගැටලුවක් නොමැති නම් එම බිත්තර තොගය නිදහස් කිරීමට හැකියාව පවතින බවයි .

එමෙන්ම, සත්ත්ව නිරෝධායන ඒකකයද මෙම බිත්තර තොගයෙන් සාම්පල ලබා ගෙන තිබෙනවා. එම සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි වාර්තාවද මෙම සතිය තුළ නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ ඒකකය පවසයි .

මෙරටට ආනයනය කරන ලද එම බිත්තර තොගය මේ වන විට උෂ්ණත්ව පාලනය යටතේ කොළඹ වරායේ රඳවා ඇත.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.