තෙල් සංස්ථාවේ තෙල් බෙදීම නවත්වයි – අනපේක්ෂිත වැඩවර්ජනයක් ද ?

Date:

කොළඹ (LNW):ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හදිසියේම ඉන්ධන බෙදා හැරීම නතරකර තිබේ.

ඒ අනුව ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ සංස්ථා පරිශ්‍රයෙන් පිටව යන ආකාරය දැකගත හැකි විණි..

එම රථ රියදුරන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ සංස්ථාව විසින් හදිසියේම එම තීරණයට පැමිණ ඇති අතර යළි අද දිනයේ සංස්ථාව විසින් ඉන්ධන ලබා දීමක් සිදු නොවන බවයි.

ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව තෙල් සංස්ථා සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අඛන්ඩ අද (28) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

ඒ,කැබිනට් මණ්ඩලය විසින් මෙරට වෙළෙඳපොළට ඉන්ධන නිකුත් කිරීම සඳහා විදෙස් සමාගම් 03කට අවසර ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිවයි.

මෙම සමාගම්වලට ලැබෙන බලපත්‍රය මෙරටට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර20ක කාලයක් සඳහා බලාත්මක බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...