සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 29, කොළඹ (LNW): 2023 වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ කියා සිටී.
ඇය තවදුරටත් කියා සිටියේ, ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පසුවන පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.