මූණ පුරා රැවුල නැත්තං රාජ්‍ය සේවය තහනම් !

Date:

මුහුණ පුරා රැවුල වවාගෙන නොසිටින පුද්ගලයන් රාජ්‍ය සේවයෙන් නෙරපා හැරීමට ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව එරට රාජ්‍ය සේවකයෙකු වීමට නම් මුහුණ පුරා රැවුල වවාගෙන සිටීම අනිවාර්ය වේ.

ඉස්ලාම් නීතියට අනුව රැවුල වැවීම රාජ්‍ය සේවකයන්ට අනිවාර්ය වන අතර මීට පෙර අවස්ථා කිහිපයකදී තලේබාන් සංවිධානය ඒ පිළිබඳව එරට රාජ්‍ය සේවකයන්ට දැනුම් දී තිබෙනවා.

ඊයේ සිට මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට තලේබාන් නායකයන් තීරණය කර ඇති අතර කාබුල් අගනුවර රාජ්‍ය ආයතනවල සේවකයන් එම නීතිය අකුරටම පිළිපදින්නේද යන්න සොයා බැලීම සඳහා නිළධාරීන් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නීතිය අනුගමනය නොකරන පුද්ගලයන්ට රාජ්‍ය සේවයට එක්වීමට අවස්ථාව නොලැබෙන අතර දැනට රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයන් සේවයෙන් නෙරපා හැරෙනු ඇත. ඔවුන්ට රාජ්‍ය ආයතවලට ඇතුළුවීමද තහනම් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...