Wednesday, March 22, 2023
spot_img

Latest Posts

රාජපක්ෂලා ගෙදර යවන්න තවත් අවුරුදු තුනක් බලන් හිටියොත් පාලනය කරන්න රටක් ඉතුරු වෙන්නෙත් නැහැ – ගම්මන්පිල (VIDEO)

වසර දෙකහාමාරක් ගතවෙන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවට කථානායකතුමා විසින් කර තිබෙන ප්‍රකාශයේ සත්‍යතාවක් නැති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එලෙස වසර දෙකහමාරක් ගත වෙනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක්කේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වන නමුත් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

තමන්ද නියෝජනය කරන කණ්ඩායම විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට වන ව්‍යාපෘතිය කරගෙන යන විට පසුගිය කාලයේදී ජනතාව ඉදිරියට යාමට නොහැකි වුණු බැසිල් රාජපක්ෂ මහතාගේ දේශද්‍රෝහී,දූෂිත වැඩපිළිවෙලට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ගේ දැන් බඩ පපුව දැවිල්ලය ඇති වී තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම රාජපක්ෂවරු ගෙදර යැවීමට තවත් අවුරුදු තුනක් බලාසිටීමට හදන විපක්ෂයට කීමට ඇත්තේ එපමණ කලක් සිටියහොත් පාලනය කිරීමට හෝ රටක් ඉතුරු නොවන බව යැයිද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.