ජනපති අනුර අද බෙලිඅත්තෙන් ප්‍රාදේශීය සභා ඡන්ද සටනට බසී !

0
871

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් යුත් ජනතා රැළි මාලාව අද (මාර්තු 29) සිට ආරම්භ වීමට නියමිත ය.

“ජය නියතයි ගම අපටයි” මැයෙන් යුතුව මෙම ජන රැළි මාලාව පැවැත්වේ.

ඒ අනුව අද දිනයේදී ජනාධිපතිවරයා බෙලිඅත්ත, මිද්දෙනිය සහ තිස්සමහාරාම යන ප්‍රදේශවල පැවැත්වෙන ජන රැලි ඇමතීමට නියමිතව තිබේ.