රිලව් දූපතට දාලා විදුලි වැටක් ගහලා නිතර අධීක්ෂණය කරනවා. මේකෙ කිසිම දුර්වල තැනක් නෑ – මන්ත්‍රී ජගත්

Date:

මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රදේශයේ ගම්මාන 15ක රිලා ප්‍රශ්නයට විසඳුම් දීම සඳහා එම රිලවුන් අල්ලා රන්දෙනිගල ජලාශයේ පිහිටි දූපතකට රැගෙන ගොස් දැමීමට සැලසුම් කර ඇති බවත් මෙම ක්‍රමවේදය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කඩිනමින් කටයුතු කරන බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු ජගත් මනුවර්ණ පවසයි.

“මේ දූපතෙන් ගොඩබිමට එන්න කිසිදු විදිහක් නැහැ. මේ දූපත වටේට විදුලි වැටක් අපි අනිවාර්යයෙන්ම ඉදිකරනවා. ඒත් එක්කම තමයි ඒක සම්බන්ධයෙන් නිතර අධීක්ෂණය කරන්න ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. ඒක නිසා කිසිදු අවදානමක් නැහැ මේ දූපතට ගිහින් දාන රිලව් නැවත අවට ගම්වලට ගම්වදී කියන සැකයක් අපට කිසිම විදියකින් නැහැ”

“මේක දැනට පර්යේෂණ මට්ටමේ තියෙන්නෙ. මම හිතන්නෙ මේකෙ අපට කිසිම දුර්වල තැනක් පේන්න නැහැ. මේක දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කරන විදිහක්, පළාත පුරා ව්‍යාප්ත කරන විදිහක් සහ දිවයින පුරා මේක ව්‍යාප්ත කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් අපි කඩිනමින් පියවර ගන්නවා. වගා හානි සම්බන්ධයෙන් ඉන්න මේ රිලව්, මොනරු, දඬු ලේන්නු සියලු සත්තුන්ට එකම විදියක උත්තරයක් හරියන එකක් නැහැ. විවිධ සත්තුන්ට විවිධ උත්තර තමයි අපට හොයන්න වෙන්නෙ”

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...