මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සැලසුම්.මෙතෙක් ප්‍රමුඛත්වය හිමි නොවුණු දිස්ත්‍රික්ක ගැන විශේෂ අවධානයක්!

Date:

කොළඹ LNW:පසුගිය කාලය තුළ ප්‍රමුඛත්වය හිමි නොවුණු දිස්ත්‍රික්ක ද ඇතුලත්ව මෙම වර්ෂයේදී පාලම් හා මහා මාර්ග සංවර්ධනය සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඉකුත් වර්ෂ 15ක කාලය තුළ මුදල් වෙන් කිරීම සීමා සහිතවූ දිස්ත්‍රික්ක සඳහා මෙහිදී වැඩි අවදානයක් යොමු කළ බවත් සෑම දිස්ත්‍රික්කයක් වෙනුවෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් මූල්‍ය ප්‍රතිපාදන මෙම වැඩසටහන යටතේ ලබාදී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව රුපියල් මිලියන 14 000ක මුදලක් වැඩසටහන සඳහා වෙන් කොට ඇතැයි කී අමාත්‍යවරයා, ඉන් රුපියල් මිලියන 5000ක් උතුරු සංවර්ධනය වෙනුවෙන් වෙන් කොට ඇතැයි කීවේය. ඉන් රුපියල් මිලියන 500ක මුදලක් උතුරු පාලම් සංවර්ධනය වෙනුවෙන් වෙන් කර තිබේ.

සංවර්ධනය වෙනුවෙන් ලබා දුන් මුදල් ප්‍රතිපාදන වලින් 60%ක ප්‍රතිශතයක් වෙන් කොට ඇත්තේ ඉකුත් වර්ෂ 15ක කාලය තුළ මුදල් වෙන් කිරීම අවම වූ දිස්ත්‍රික්ක සඳහා වන බව අමාත්‍යවරයා එහිදී පැවසුවේය. සෙසු 40% අනික් දිස්ත්‍රික්ක සඳහා ලබා දෙන බවත් එහිදී දිස්ත්‍රික්කයක් සතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ප්‍රමාණය අනුව වෙන් කරන මුදල් ප්‍රමාණය වෙනස් වන බව ද ඒ මහතා පැවසුවේය.

වඩාත් සාධාරණ ක්‍රමයකට මුදල් වෙන් කිරීම මෙම වැඩසටහන යටතේ සිදුවන බවත් එමගින් සංවර්ධන සෑම ප්‍රදේශයකටම සමාන අයුරින් බෙදී යන බව ද ගුණසේන මහතා පැවසුවේය.

මෙම වර්ෂය තුළදී පාලම් හා මහා මාර්ග සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන කඩිනම් කිරීම හා ඵලදායක කර ගැනීම සම්බන්ධයෙන් අදාල නිලධාරීන් දැනුවත් කොට ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂ අත්අඩංගුවට නොගන්නා බව CIDය දැනුම් දෙයි. FR පෙත්සම ඉල්ලා අස්කර ගනී

සටහන - රුවන් නෙළුගොල්ල කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ...

දේශපාලනය කියන්නෙම මනුස්සකම ….

නන්දන ගුණතිලක ගැන අවශ්‍ය තරම් සටහන් ලියවිලා තිබ්බ. ගිය...

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...