මෛත්‍රිපාල සිරිසේනගෙන් ජනතාවට ආයාචනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා සිටින්නේ , පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුවකින් තමාට නියම වූ කෝටි දහයකට ආසන්න වන්දිය ගෙවීමට ඇත්තේ තව මාස තුනක් පමණක් බවත්, එම මුදල සොයා ගැනීම සඳහා හැකි අය දායක වන ලෙසයි .

ගාල්ල බද්දේගම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රැස්වීමකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

නඩු තීන්දුවට අනුව එම වන්දි මුදල ගෙවීමට මාස හයක කාලයක් ලබා දී තිබූ බවත් මේ වන විට ඉන් මාස තුනක් පමණ ගෙවී ගොස් ඇති බවත් පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල එම මුදල් රැස් කරමින් සිටින බව ද , එම මුදල ගෙවීමට නොහැකි වුවහොත් තමාව හිරේ දැමීම හෝ අධිකරණයෙන් කුමන තීන්දුවක් නියම වේදැයි නොදන්නා බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා එම මුදල සොයා ගැනීමට දායක වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...