ආනයනික බිත්තර සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අනුමැතිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආනයනික ඉන්දීය බිත්තරවලට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වි ඇති අතර , අදාළ වාර්තාව අද වෙළෙඳ අමාත්‍යංශය වෙත යොමු කරන බවකෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කරයි. වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසූවේ ආනයනික බිත්තර සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අනුමැතිය ද හිමි වු බවයි .බිත්තරයක් රුපියල් 35ක මිලකට බිත්තර ආශ්‍රිත කර්මාන්තශාලා වෙත පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවත් එම කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. වෙළෙඳ අමාත්‍යාංශය ඉන්දියාවෙන් බිත්තර මිලියන 02ක් පසුගිය දා මෙරටට ආනයනය කිරිමට පියවර ගැනුණේ, වෙළෙඳපොළේ බිත්තර මිල පාලනයට සහ බිත්තර හිඟයට පිළියම් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා ගැන විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට...

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...