Wednesday, May 31, 2023
spot_img

Latest Posts

මට දුක රට බේරගන්න අපි හදපු බලවේගය අද හැසිරෙන විදිහටයි – බන්දුල සමන් කුමාර (VIDEO)

තට්ටු මාරු ක්‍රමයට මේ රට තවදුරටත් විනාශ කරමින් තිබෙන අබව කාංචන විජේසේකර ඇමතිවරයා ඇතුළු හොර නඩය මේ වන විට ඔප්පු කර පෙන්වා ඇති බව පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපාති බන්දුල සමන් කුමාර මහතා පවසයි.

ඒ, ඛනිජ තෙල් සේවකයින් විසින් ගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රජය සම්පත් වලට සිදුකිරීමට සැරසෙන මෙවැනි විනාශයන්ට කවදා හෝ වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි ඔහු පවසන්නේ.

දුකකට ඇත්තේ 2015 මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පොදු ජන පෙරමුණ ගොඩනගමින් පසු අද සිටින මන්ත්‍රී සංඛ්‍යාව ගෙන ඒමට තමන් ඇතුළු ඛනිජ තෙල් සේවකයින් කළ කැපකිරීම ගැන බව යැයිද බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් ආරම්භ කර තිබෙන සටන පාවානොදෙන බවයි ඔහු අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.