Wednesday, May 31, 2023
spot_img

Latest Posts

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 05 දෙනෙකුට ස්ථානමාරුවීම්

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 05 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදි තිබේ.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා ,පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පුත්තලම පොලිස් අධිකාරිවරයා සහ ආණමඩු පොලිස් ස්ථානාධිපතිවරයාට එසේ ස්ථාන මාරුවිම් ලබා දී ඇති බවයි.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් මූලස්ථානයට මාරුකර යවා තිබේ.

සෙසු නිලධාරීන් මාරුකොට ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයටයි.මේ අතර වයඹ පළාත භාර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සජීව මැදවත්ත මහතා පත්කර තිබේ.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.