බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අද

මේ දිනවල බිම්ස්ටෙක් සංවිධානයේ පස්වැනි සමුළුව මෙරටදී පැවැත්වෙනවා. එහි රාජ්‍ය නායක සමුළුව අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන අතර බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය යන රටවල රාජ්‍ය නායකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඒ සඳහා එක්වීමට නියමිතය. මියන්මාරය වෙනුවෙන් සමුළුවට සහභාගි වන්නේ එරට විදේශ අමාත්‍යවරයායි.

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය වන බිම්ස්ටෙක් සංවිධානයේ ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට නියමිත අතර මීට අමතරව නීතිමය ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට යෝජිත වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...