ඉන්දීය විදේශ ඇමති සහ විපක්ෂ නායකයා අතර හමුවක්

0
168

බිම්ස්ටෙක් සමුළුව සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්විණි. ඒ, ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිළ නිවසේදීයි.

අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහෝදරත්වයේ දෑත් දිගු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකයා ඉන්දියාවට සිය ස්තුතිය පළකර තිබෙනවා. සියවස් ගණනාවක් පුරා දිවයන ඉන්දු-ලංකා සබඳතා පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායකයා නරේන්ද්‍ර මෝඩිගේ ඉන්දීය රජය ශ්‍රී ලංකාව දක්වන සැළකිල්ල සම්බන්ධයෙන් සිය ප්‍රණාම පුද කළේය.

මුහුණ දෙන ආර්ථික අර්බුදය ඇතුළු ගැටලුවලින් ගොඩ ඒම සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකයා, එලෙස ලබාදෙන ආධාර වඩාත් ප්‍රතිඵලදායක ලෙස භාවිතා කිරීම සඳහා වූ ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවයද අවධාරණය කර තිබේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here