*
Tuesday, April 1, 2025
spot_img

Latest Posts

DG ට තනියෙන් වග කියන්න වෙයි

නිශ්මං රණසිංහ මාර්තු 30, කොළම LNW :

අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දුට තනිව අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර ඇත. එසේ නියේග කර ඇත්තේ,අධිකරණයට අපහාස වෙන ආකාරයෙන් ක්‍රියාත්මක වි යැයි පළාත් රග්බි සංගම් හයක් විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව අධිකරණයට යොමු කළ ඇති චෝදනා පදනම් කරගෙනය.


අධිකරණයේ ඇති වූ එකඟතාවයක් අනුව රග්බි නිලවරණය පැවත්වීමේ කටයුතු සිඳු වෙමින්,නිලවරණයට දින ද නියමව තිබියදී ආසියානු රග්බි සභාපතිවරයාගේ ලිපියක් පදනම් කරගෙන අධිකරණයට නොදන්වා සහ නිසි අවසරයකින් තොරව නිලවරණය කල් දැමීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගත් තීරණයෙන් අධිකරණයට අපහාසයක් වූ බව පෙත්සම්කරුවෝ පවසති.


මේ අතර නිලවරණ කමිටුව තමන්ගේ නාම යෝජනාව භාර නොගැනිම ගැන අධිකරණයට කරුණු ඉදිරිපත් කර නිලවරණ කමිටුවට සහ නිලවරණයට එරෙහිව තීන්දුවක් ගත් ලසිත ගුණරත්න ද අධිකරණයට ගිය අතර එම ගැටළුව අධිකරණයේදී දෙපාර්ශවයේ එකඟතාව මත විසඳී ඇත.මේ තීරණය නිසා සිඳුවන තවත් කාරණයක් වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උවමනාව වෙනුවෙන් පෙනී සිටිමින් ව්‍යවස්ථාව වෙනස් කරන්නට දරණ උත්සාහයේදී A කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට අසාධාරණයක් වන බවට පතුරන බොරුව හෙළිදරව් වීමය.


විවිධ හේතුන් මත ශ්‍රී ලංකාවේ රගර්වලට අසාධාරණයක් කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම නිසා ජාත්‍යන්තර මට්ටමෙන් වගකීම්වලට පත් වූ ලාංකිකයන් සහ ඔවුන්ට හිතවත් ජාත්‍යන්තර සංගම් සම්මේලනවල නිලධාරීන් එක්ව ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාවට බලපෑමක් කරමින්,එහි ස්වාධීනත්වයට හානි කරමින් සිටින බවත්,මෙරට ක්‍රීඩා බලධාරීන් එයට එරෙහි විය යුතු බවත් අප බොහෝ කාලයක සිට පෙන්වා දෙමින් සිටිමු.


එහෙත් හිටපු අමාත්‍යවරු මෙන්ම වර්ථමාන අමාත්‍යවරයා ද,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද ප්‍රධානව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ නිලධාරීන් ද එම කාරණය නෑසු කන්ව සිටිමින්,වැරදි කළ පරිපාලනයට සමබන්ධ පුද්ගලයන්ට රගර් සම්බන්ධව පමණක් නොව සමස්ත ක්‍රීඩාවේම වගකීම් පවරමින් ක්‍රියාත්මක වෙමින් ව්‍යවස්ථාව වෙනස් කරමින් A කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට අසාධාරණයක් වෙන බව කියන්නට දත කට මැඳ ගෙන සිටියදී ලසිත සභාපති තනතුර සඳහා ඉදිරිපත් වීමට අවසරය ලබා ගැනීමෙන් එම කතාව බොරු බවට පත් වී ඇත. මන්ද ලසිත නියෝජනය කරන්නේ ද A කාණ්ඩයේ ක්‍රීඩා සමාජයකි.


ඔහුගේ නාම යෝජනාවට එකඟතාවය පළ කර ඇත්තේ පළාත් ක්‍රීඩා සංගම් වන අතර එය පිළිනොගැනීම පිළිබඳව චෝදනා එල්ල වී තිබුණේ නිලවරණ කමිටුවටය.කෙසේ හෝ අමාත්‍යවරුන් කියන දේ කරන බවට අප විසින් වැරදි පෙන්වා දුන් විට උත්තර බැඳි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අපහාසාත්මක චෝදනාවට කිසිඳු ඉහළ දේශපාලනඥයෙකුගේ සහයක් නැතිව අධිකරණයේ පෙනී සිටීමට සිඳු වී ඇත.එසේම ඔහු ආසියානු සංගම් ඉදිරියේ සහ ලෝක සංගම් ඉදිරියේ ඉතාමත් සුවච කීකරු හුරතලෙකු ලෙස හැසිරුණ අතර එසේ හැසිරෙමින් ශ්‍රී ලංකාවේ අධිකරණ තීරණවලට ද නොනැමී ක්‍රියාත්මක වීම නිසා රටේ අධිකරණයට අපහාස වන අයුරෙන් හැසිරීම සම්බන්ධයෙන් අපහාසාත්මක චෝදනා එල්ල වී ඇත.

අප මීට පෙර වාර්තාවක ක්‍රිශ් ගණුදෙනු සම්බන්ධ නඩු විභාගවලින් පෞද්ගලික ලැබැඳියාවන් ඇති බවට මාධ්‍යවේදීන් දෙදෙනෙකු එල්ල කළ චෝදනා මත අධිකරණ විනිසුරුවන් එම නඩුවලින් ඉවත් විය.කුමන තත්ත්වයකදී වුව එම ඉවත්වීමේ සාධාරණ සහ සදාචාරසම්පන්න තත්ත්වයන් අගය නොකර බැරිය.එහෙත් රගර් සම්බන්ධ කාරණාවලදි මේ මොහොතේ දී ශ්‍රී ලංකාවේ රගර්වලට විශාලතම අපකීර්තිය ඇති කළ සිඳුවීම විදේශිකයන් ක්‍රීඩා කරවා ජාත්‍යන්තර වශයෙන් පවුම් 50000 දඩයකට යටත්විමට සිඳුවිම බව ක්‍රීඩා අමාත්‍යවරයා ද පාර්ලිමේන්තුවේම ප්‍රකාශ කරද්දිත්,එම වරද සිඳු කළ පරිපාලනයේ ප්‍රධාන විධායකයා චෝදනා දස අතින් එල්ල වෙද්දිත් වත්මන් අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරේ රැදී සිටියි.අමාත්‍යවරයා ද පාර්ලිමේන්තුවේ පවසා එයට සම්බන්ධ පරිපාලනයේ ප්‍රධාන විධායකයාවම එම තනතුරේ තබාගෙන සිටියි.එයින් ඔප්පු වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විනිසුරුවන් පෙන්වන සදාචාරසම්පන්න බව මෙම දේශපාලකයාට සහ පත්වීම් ලබා ඇති නිලධාරියාට නැති බවය.


ඒ ආකාරයට කිසිවක් නොතකා දේශපාලකයන්ට සහ ආසියානු සහ ලෝක රගර් වෙනුවෙන් වැඩ කිරීම රාජකාරිමය වගකීම ලෙස සිතා,මෙරට නීතිමය ආකෘතියද නොසළකා කටයුතු කිරීම ගැන චෝදනාවට ලක්ව ඇති ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද තමන්ගේ ජීවිතය පුරාවට උපයාගත් කීර්තිය විශ්‍රාම ගැනීමෙන් පසු උකසට තබා දේශපාලනඥයන්ට සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍යය දේ ඉටු කරන්නට ගොස් ඇති බවක් පෙනෙන්නට ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan