ජනපති අනුර අදත් ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් ජන රැළි තුනක !

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය දියත් කර ඇති ප්‍රචාරණ ව්‍යාපෘතියේ ප්‍රධාන ජන රැළි තුනකට අද (මාර්තු 30) දිනයේදීත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා අද දිනයේදී දෙයියන්දර, පිටබැද්දර සහ වැලිපිටිය යන ප්‍රදේශවල පැවැත්වෙන ජන රැළි ඇමතීමට නියමිත ය.

අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29) දිනයේදී බෙලිඅත්ත, මිද්දෙනිය සහ තිස්සමහාරාම ජන රැළි ඇමතුවේය.