මියන්මාරයට සහන කණ්ඩායම් සහ මානුෂිය ආධාර අඛණ්ඩව!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 30 , කොළඹ (LNW):

පසුගිය දා මියන්මාරයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7ක භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 1,644 දෙනෙකු මිය ගොස් 3,408 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පුද්ගලයින් බොහෝ දෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් බොහෝ දෙනෙක් සුන්බුන් අතර සිරවී ඇති බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි.

මියන්මාරය, තායිලන්තය සහ චීනයේ ප්‍රදේශ ගණනාවකට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් අවතැන්වූවන්ට සහන සැලසීම සදහා විදෙස් රටවල් කිහිපයකින්ම තව දුරටත් සහන කණ්ඩායම් යොමු කර තිබෙන බවත් ,ඉන්දියාව ‘ඔපරේෂන් බ්‍රහ්ම’ නමින් මානුෂිය ආධාර බෙදා හැරීම ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව වෛද්‍ය නිලධාරීන් 118 දෙනෙකු සහ සහන ද්‍රව්‍ය ටොන් 60ක් රැගත් ගුවන් යානා දෙකක් සහ අතිරේක සැපයුම් රැගත් ගුවන් යානයක්, ක්ෂේත්‍ර රෝහලක් සහිත නාවික යාත්‍රා දෙකක් යවා තිබෙන බවද වාර්තා වේ.  මෙම සහන ද්‍රව්‍ය අද උදෑසන යැන්ගොන් වෙත ගොඩ බෑ බවත් මෙය පළමු සහන වාරිකය පමණක් වන අතර තවත් සහනාධාර ඉදිරි දින කිහිපයේදී යොමු කරන බව  ඉන්දීය බලධාරීන් පවසයි.        

මේ අතර චීනය විසින් සාමාජිකයින් 82 දෙනෙකුගෙන් යුත් ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ යුනාන් පළාතෙන් වෙනම කණ්ඩායමක් යැන්ගොන් වෙත පැමිණ තිබෙන බවද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , බීජිං හදිසි ආධාර සඳහා යුවාන් මිලියන 100 ක් (ඩොලර් මිලියන 13.8) පොරොන්දු වී ඇති අතර, බෙදාහැරීම් සඳුදා ආරම්භ වීමට නියමිත බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගලවා ගැනීමේ සහ ආධාර කණ්ඩායමක් තායිලන්තයට යවන ලෙස උපදෙස් දී තිබෙන අතර,විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  මෙම කණ්ඩායම අද රාත්‍රී 10:30 ට ඊශ්‍රායලයෙන් පිටත් වන අතර එයට වෘත්තිකයන් 21 දෙනෙකු ඇතුළත් වන අතර සිරවී සිටින අවසාන පුද්ගලයා බේරා ගන්නා තෙක් ක්‍රියාත්මක වන බවයි.

තවද හොංකොං, මැලේසියාව,රුසියාව, පිලිපීනය සහ දකුණු කොරියාව ද ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් සහ උපකරණ මේ වනවිට මියන්මාරය වෙත පැමිණ තිබෙන අතර, එක්සත් ජනපදය, යුරෝපා සංගමය, අයර්ලන්තය සහ නවසීලන්තය ද මූල්‍ය ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත. 

හානියට පත් මාර්ග, විදුලිය ඇනහිටීම් සහ සන්නිවේදන බිඳවැටීම් හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ළඟා වීමට බාධා එල්ල වී තිබෙන අතර, බොහෝ රෝහල් තුවාල ලැබූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියන්මාරය තුළ දැඩි වෛද්‍ය සැපයුම් හිඟයක් ඇතිවිය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවන අතර, මියගිය සංඛ්‍යාව ඉහළ යාමත් සමග අවශ්‍ය වෛද්‍ය සැපයුම් දැඩි හිඟයකට ලක්වනු ඇති බවට ජගත් සංවිධානය අනතුරු අඟවයි.

එක්සත් ජාතීන්ගේ OCHA හදිසි ප්‍රතිචාර සම්බන්ධීකරණය ආරම්භ කර ඇති අතර, කම්පන කට්ටල, රුධිර බෑග් සහ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම්වල බරපතල හිඟයන් ඇතිවී තිබෙන බව ඔවුන් පවසයි.

 
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...