ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල

Date:

රටේ මූල්‍ය තත්ත්වය යහපත් වීමත් සමඟ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සඳහා ද පියවරෙන් පියවර විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා පොලී අනුපාත සහ බැංකු ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබඳ ක්‍රියාකාරී කමිටුව පසුගියදා (28) ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී ය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ, ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී ඇති මූල්‍ය ගැටලු සහ ඒ පිළිබඳ ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මතුව ඇති සියලු ගැටලුවලට විසඳුම් ලබාදීම රජයේ අපේක්ෂාව බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදී කරුණු පැහැදිලි කළහ.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු කමිටු සාමාජිකයන් මීට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...