*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

මිදිගම වෙඩිතැබීමකින් අයෙක් මරුට. හරක් කටාගේ ගෝලයින්ගේ වැඩක් බවට සැක

ඊයේ (29) සවස අහංගම – මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් එම හෝටලයේ හිමිකරු මියගොස් තිබේ.

ඊයේ පස්වරු 06.15 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණු අතර එයින් තුවාල ලබා මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලද හෝටල් හිමිකරු අද (30) අළුයම 03.00 ට පමණ මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ 31 හැවිරිදි අයෙකි.

ඊයේ පස්වරුවේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ටී 56 ගිනි අවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර තිබිණි.

මීට පෙර 2021 වසරේදී ද මෙම හෝටල් හිමිකරු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබුණු අතර එයින් ඔහුගේ සහෝදරයා මියගොස් තිබිණි.

මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ දැනට අත් අඩංගුවේ පසුවන නඳුන් චින්තක නොහොත් හරක් කටා නම් පාතාල නායකයාගේ ගෝලයින් පිරිසක් බවට සැක පහළ වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan