පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය වන ලකුණු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා සඳහන් කළේ ඉන්ධන මිල අඩුවීමත් සමග පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවයි. ප්‍රතිශතයක් ලෙස මිල අඩුකිරීම අපහසු වන බැවින් කතා කරගෙන මිල ගණන් තීරණය කළ යුතු බවයි වැඩිදුරටත් ඔහු පැවසූවේ .

“වැඩි වීමේ දී වැඩි වූ ආකාරයටම දෙමව්පියෝ සහ හිමිකරු සහ රියදුරු සමග ඇති කරගත් එකඟතාවය මතම මිල අඩුවීමේ දී ත් එතුමන්ලා සමග කරලා අඩු කිරීමට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද අපිට ප්‍රතිශතයක් ලෙස අඩු කිරීමක් කරන්න අපහසුතාවයක් තියෙනවා. මොකද අපි දුවන ප්‍රමාණ එකිනෙකාට වෙනස් වෙනවා. ඒ නිසා තෙල් මිල පහළ යාම මත එය සිදුකරන ලෙස අපි ඉල්ලා සිටිනවා.”

තවද , ඉන්ධන මිල අඩුවීමේ වාසිය බස් ගාස්තුව සම්බන්ධයෙන් පමණක් නොව අනෙක් ක්ෂේත්‍රවලින් ද ජනතාවට ලබාදිය යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

එහෙත් අද මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහත දැමීමට තීරණය කර තිබේ.

ඊයේ (29) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමග බස් ගාස්තු 12.9% කින් පහළ දමන බව ප්‍රවාහන බලධාරින් සඳහන් කළේය.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඊයේ මධ්‍යම රාත්‍රී සිට රුපියල් 60කින් අඩු කෙරුණු අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 80කින් අඩු කෙරුණි.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කින් ද සූපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් ද අඩු කර තිබේ.

එම ඉන්ධන මිල සංශෝධනයත් සමග අද මධ්‍යම රාත්‍රී සිට අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩු කිරිමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...