මහින්ද සිරිවර්ධනට එරෙහි පෙත්සම සලකා බැලීම කල් යයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා මැයි මස 22 වන දා ක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එම පෙත්සම් අද (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අතර , එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය ට අදාළව ලේඛන ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලීම් කළේය.

එම ඉල්ලීමට අවසර දුන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 22 වනදා කැඳවීමටද දින නියම කර තිබෙන අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරු විසින් එම පෙත්සම් ගොනුකර තිබුණි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 අයවැය තුළින් වෙන්කරන ලද මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 03 වනදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබූ අතර , එම අතුරු නියෝගයට අනුකූලව කටයුතු නොකිරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දින 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය විවෘත වේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:නාය යාම හේතුවෙන් ගමනාගමන...

කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව:අල්ලස් කොමිසමෙන් ගැලවීමක් ඇත්තේම නැද්ද?

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...