අද ඉන්ධන මිල සංශෝධනයක් ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW):මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන අතර, ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.

මෙම මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය පසුගිය 4 වනදා සිදුවූ අතර එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරනු ලැබූ අතර, එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදු නොවුණි.

වැඩි දුරටත් වාර්තා වන්නේ, මේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...