අද ඉන්ධන මිල සංශෝධනයක් ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW):මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන අතර, ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.

මෙම මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය පසුගිය 4 වනදා සිදුවූ අතර එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරනු ලැබූ අතර, එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදු නොවුණි.

වැඩි දුරටත් වාර්තා වන්නේ, මේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...