ඩීසල් නෑ. ලැබෙයි කියලා විශ්වාසයකුත් නෑ. සියලුම පෞද්ගලික බස් සඳුදාට නවතීවි – ගැමුණු

Date:

ඩීසල් අර්බුදය මේ වනවිට උඝ්ර වී ඇති බැවින් සඳුදා දිනය වනවිට සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කරගැනීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

“ඩීසල් අර්බුදය බරපතළ විදියට පෞද්ගලික බස් රථවලට බලපාලා තියෙනවා. ඩීසල් ලැබෙන්නේ කවදාද කියලා අපට ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ඉදිරි දින දෙක තුළ ඩීසල් හම්බුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ. කෙසේවෙතත් සඳුදා දිනය වනවිට බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නවත්තන්න අපට සිදුවේවි. මොකද අපට ඩීසල් නැතුව වතුරෙන් බස් රථ ධාවනය කරන්න බෑ. ලංගමයෙන් ඩීසල් ලබාදීම පැහැර හැරලා තියෙනවා”

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ අද (31) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...