පීඩනය දරාගන්න බෑ -‌ පේරාදෙණියේ ඉංජිනේරු සිසුවෙක් නේවාසිකාගාරයේදී ගෙල වැළලාගෙන දිවි නසා ගනී !

Date:

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි තරුණයෙකු මියගොස් තිබෙනවා. ඔහු සිය නේවාසිකාගාරය තුළ ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් තිබෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිට මෙම තරුණයා සිය අවසන් විභාගයට මුහුණදෙමින් සිට තිබෙනවා.

මියගිය තරුණයා විසින් ලියන ලද ලිපියක් ඔහුගේ කාමරයේ තිබී හමු වී තිබෙනවා. ‘මට සමාවෙන්න. මේ පීඩනය තවත් දරාගන්න බෑ. මගේ මරණයට කිසිවෙක් වගකිව යුතු නෑ’ යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...