පීඩනය දරාගන්න බෑ -‌ පේරාදෙණියේ ඉංජිනේරු සිසුවෙක් නේවාසිකාගාරයේදී ගෙල වැළලාගෙන දිවි නසා ගනී !

Date:

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි තරුණයෙකු මියගොස් තිබෙනවා. ඔහු සිය නේවාසිකාගාරය තුළ ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් තිබෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිට මෙම තරුණයා සිය අවසන් විභාගයට මුහුණදෙමින් සිට තිබෙනවා.

මියගිය තරුණයා විසින් ලියන ලද ලිපියක් ඔහුගේ කාමරයේ තිබී හමු වී තිබෙනවා. ‘මට සමාවෙන්න. මේ පීඩනය තවත් දරාගන්න බෑ. මගේ මරණයට කිසිවෙක් වගකිව යුතු නෑ’ යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...