*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අරාබි වසන්තය ලංකාවට අවශ්‍යම නැත

සාමාන්යෙන් වසන්තය කියන්නෙ ඉතා හොද දෙයක් වුණාට ඔය අරාබි වසන්තය කියන්නෙ ලෝකෙ පුරා උන්මාදයක් වගේ ගිහින් අරාබි රටවල් කීපයක්ම අරාජික කරපු රැල්ලක් කියන එක තමා අපි අදටත් විශ්වාස කරන්නෙ. අපි මෙහෙම කියන්නෙ අප්‍රියෙල් 3 දාටත් ඔන්න ඒවගේ එකක් සංවිධානය වෙනව කියන මාධ්‍යයෙන් අපි දැක්කට පස්සෙ.

ඉරාකය වගේම ලෝකෙ හොදටම පැවතුණ රටක් වුණ ලිබියාවත් හාන්සි වුණේ ඔන්න ඔය කිව්ව වසන්තයෙන් පස්සෙ කියල අද වෙන කොට ඉතා පැහැදිලියි.කවුරු හරි ඇහුවොත් අපි අකමැති ඇයි කියල සරලම උත්තරය තමා අපේ රට අරාජික වෙනව දකින්න අපි කැමති නෑ කියන කාරණාව. අපේ රටේ අද වෙනකොට පවතින්නෙ ඩොලර් හිගකම කියල පැහැදිලියි. තව ටික කාලෙකින් එන්න තිබුණ ප්‍රශ්ණයක් කොරෝනා නිසා ඉක්මන් වුණා කියන කාර්ණෙත් අපිට බැහැර කරන්න බැරිවෙයි. ඔය අප්‍රියෙල් 3ද තියෙන පාරට බැසීම ගැන පැහැදිලි වෙන කාරණා කීපයක් තියෙනව.මේ විරෝධතාව ඇත්තටම මහජනතාව අතරින් එන එකක් නෙවෙයි වගේම කාගෙහරි ප්ලාන්ටඩ් කැම්පේන් එකක් කියල පේනව අපි තාම නොදන්නේ කවුද මේක ප්ලාන්ට් කලේ කියන එක විතරයි නේද? නිකමට ඔය වට්ස්ඇප් ගෘප් ටික චෙක් කරගෙන යන්න, ඒවා සියල්ලේම වගේ පොදුවේ ඉන්න මිනිස්සු දිහා බැලුවාම පේනවා ඔය අපි කියන කාරණාව.

අපිට පෙනෙන පැහැදිලිම දේ තමා ඔය මිනිස්සු විවිධ කාලවල විවිධ ඇජෙන්ඩාවලට වැඩ කරපු මිනිස්සු.ඒකයි අපි කියන්නේ ඕක කාගෙ ප්‍රොජෙක්ට් එකක්ද කියලා දන්නෙ නෑයි කියන කාරණව හැබැයි මේක ප්‍රොජෙක්ට් එකක් කියන එකනම් 100% ෂුවර්. අවාසනාවකට ඒ වෙනුවෙන් පොදුවේ මිනිස්සු අතරෙ තියෙන බරපතළ පීඩනය සහ විරෝධය ‘පාවිච්චි වෙන්න ‘ නියමිත බවනම් පේන්න තියෙනව.අනික මේක ඇත්තටම පොදු මහජනතාව අතරින් මතු වුණාය කියමු. ඕක කවුරුහරි පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් හයිජැක් නොකරාවි කියලා කාටද සහතික වෙන්න පුළුවන්.වඩා බරපතළම කාරණාව ඕක නෙවෙයි කියල බය නැතුව කියන්න පුළුවන් මේ වැඩේ කරනකොට ඒක සංවිධානය කරන පිරිසට හෝ කාටහරි ඒ ගැන නිශ්චිත වැඩපිළිවෙළක්, ප්ලෑන් එකක් තියෙනවද?

එහෙම එකක් තාම නෑ නේද? විරෝධතා පුවරුවක් ඇඳගෙන ළඟම තියෙන ටවුමට එන්න කියන එක නෙවෙයි ප්ලෑන් එක කියන්නේ. මේ විරෝධතාව හරහා ළඟා කරගන්න “අපේක්ෂිත ප්‍රතිඵලය, අරමුණ සහ ඒ හරහා සාධනය කරන විකල්පීය විසඳුම” මොකක්ද කියන එක ගැන අදහසක් තියෙනවාද?නැත්නම් එදා රෑට ටීවී චැනල්වල ප්‍රයිම් ටයිම් නිව්ස් බෙල්ට් එක පුරවන්න වීඩියෝ ටිකක් හදලා දෙන්නයි, පහුවදා පත්තර ටිකේ නිව්ස් වින්ඩෝ එක වහන්න නිව්ස් එකක් හදලා දෙන්නයි නිවාඩු දවසෙ පාරට ඇවිත් කෑගහලා යනවා වගේ පොඩි ළාමක වැඩක්ද මේ කරන්නේ? එහෙම ගත්තාම අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද?භයානකම කාරණාව ඒක නෙවෙයි. මේ හරහා යම් හෙයකින් ‘Social Unrest’ එකක් නැත්නම් “මහජන කැළඹීමක්” ඇතිවු⁣ණොත් ඒ හරහා මොන තරම් බරපතළ සිද්ධිදාමයක් දිගහැරෙයිද, ඒ හේතුවෙන් කොච්චර නරක දේවල් ප්‍රතිඵල විදියට ලැබෙයිද, ඒ ප්‍රවේගකාරී බව කොච්චර කාලෙකට ඇදෙයිද කියන එක සම්බන්ධයෙන් ප්‍රාමාණික අදහසක් කාට හෝ තියෙනවද? නෑ නේද? ෆේස්බුක් පෝස්ට් එකක් දාලා කොල්ලො කෙල්ලො ටිකක් පාරට බස්සලා කෑගස්සනවාට වඩා ඒක මාර ක්‍රිටිකල් වැඩක් කියන්නෙ නිකමට නෙමේ.මේකෙන් කියන්නෙ නෑ මිනිස්සු ආණ්ඩුවට එරෙහිව තමන්ගේ විරෝධතාව දක්වන්න එපාය කියලා..

හැබැයි ඒ කරන වැඩේ ප්‍රතිඵලයක් තියෙන්නෝන නේද?. මේක අල වු⁣ණොත් හෝ ට්‍රැජඩියක් වුණොත් අපරාදෙ. ඒ අපරාදෙ මිනිස්සුන්ට මිස ඔය ප්‍රොජෙක්ට් එකේ අයිතිකාරයන්ට නෙවෙයි, උන්ට ඕන දේ කෙරෙනවා. වැරදිලා හෝ යම් දෙයක් සිද්ධවෙලා ජීවිතයක් නැතිවුනොත් (එහෙම වෙන්නෙපා) ඒක එයාලට අමතර වාසියක්.. මේ වෙලාවෙ කීප පාර්ශ්වයක්ම ඉල්ලමින් ඉන්නෙත් ‘මිනියක්’.. ඒ නිසා විරෝධය දක්වන්න. ඒකට හරි ක්‍රමයක් තෝරගන්න. මේක අපේ පුද්ගලික අදහසක් විතරයි. ඔබට රිසි පරිදි මේක හෝ ඒ වැඩේ කියවාගන්න සම්පූර්ණ අයිතිය තියෙනවා..එකඟවීම් හෝ එකඟ නොවීම් මොනවා තිබ්බත් අපට 03 වෙනිදා හවසට මේ ගැන ආපහු කතා කරන්න පුළුවන් වෙයි කියල විශ්වාසයි.එකතුවීම හෝ නොවීම තම තමන් හිතල බලන්න.ලෝකෙ සංගීත වර්ග දෙකක් තියෙනව . එකක් කකුලට අනික ඔළුවට.

කකුලෙන් සංගීතය රසවිදින මනුස්සයට ඕනෙ මොන ක්‍රමයකින් හරි ඇග රත්කරගෙන මොන මගුලකට හරි නටන්න විතරයි. මේරියන්ස් නායක නලින් පෙරේරා දවසක් කිව්ව සංගීත සන්දර්ශණයක් අතරතුර මිනිහෙක් තව මිනිහෙකුට පිහියෙන් ඇනල මරනව වගේ අවාසනාවන්ත දෙයකුත් එයා දැකල තියෙනව. ඔබ අහල තියෙනවද ඔලුවෙන් සංගීතය රසවිදින තැනක මේවගේ දේවල් වෙනව. එතන තියෙන්නෙ භාවනාත්මකව රසවිදීමක්.ඉතින් අපි ආරධනා කරනව දෙකක් දාගෙන කකුලෙන් අහන සංගීතයකට නැතුව ඔළුවෙන් රසවිදින සංගීතයකට පුරුදු වෙන්න කියල. තීරණය ඔබට බාරයි

උපුල්දේවප්‍රිය Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan