ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට තව කාලය තියෙනවා – ජගත් කුමාර (VIDEO)

Date:

ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට තව කාලය ඇති අතර එම කාලය ගෙන ඉක්මණින් පවතින ප්‍රශ්න විසඳිය යුතුව ඇති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (31) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

සර්ව පාක්ෂික සමුළුව,පැවැත්වීම,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම,සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැනි කාරණ ඔස්සේ පවතින ඩොලර් ප්‍රශ්නය ඇතුළු අර්බුද විසඳා ගැනීමට මුල පුර ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ජනතාවගෙන් ආණ්ඩුවට එල්ල වෙමින් තිබෙන විරෝධය සදාකාලික විරෝධයක් නොවන අතර එම ප්‍රශ්න විසදුණු පසු එම විරෝධයද අවසන් වන අතර පවතින තත්ත්වය අනුව කවුරු බලයට ආවද දවසින් දෙකෙන් මේ ප්‍රශ්න විසඳිය නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

මේ මොහොතේ ජාත්‍යන්තර සහය ගත්තද කිසිම ආකාරයක රටේ සම්පත් විකුණන තැනක ආණ්ඩුව නැති බවත් එවන් ආණ්ඩුවක් තමන් වැනි අයද නොසිටින බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...