*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

”අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට” ගොදුරු වන්න එපා – විමල්ගෙන් නිවේදනයක්!

අප්‍රේල් 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධයට තමන් සහය ලබා දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික නිදහස් පෙරමුණ හෝ පක්ෂ 11ක එකමුතුව ද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බවයි වීරවංශ මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස යන දේශපාලඥනයන් විවෘතවම මෙම විරෝධතාවට සහභාගි වන බව පැවසීම මගින් මෙය සමගි ජන බලවේගය මෙහෙයවන විරෝධතාවයක් බව බොහෝ දුරට තහවුරු වෙමින් පවතින අතර රට අද පවතින තත්ත්වයට ණය උගුලක සිර කරවීමට මූලික වූ එජාපයේ වත්මන් දිගුව වන “සජබ විරෝධතාවන්ට” තමන් ප්‍රමුඛ කණ්ඩායම කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බවයි තවදුරටත් අවධාරණය කරන්නේ.

එසේම මෙම “අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට” හසු නොවන ලෙස ආණ්ඩු විරෝධී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan