තෙවැනි වරටත් නිතරගයෙන් සහ සිව්වැනි වරටත් ශම්මි’

Date:

නිශ්මං රණසිංහ මාර්තු 31, කොළම LNW :

කොළඹ ග්‍රැන්ඩ් හී පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් 64 වන වාර්ෂික මහා සභා රැස්වීමට සමගාමීව පැවති ක්‍රිකට් නිලවරණයේදී සිව්වන වරටත් එහි සභාපතිවරයා ලෙස තේරී පත්වන්නට ශම්මි සිල්වා සමත් විය.ඔහු එහිදී පළමු අවස්ථාවේ හැරෙන්නට මෙවරත් සමඟ සභාපති ධූරයට තෙවරක්ම පත් වී ඇත්තේ නිතරගයෙන්ය.
මෙහිදී නිලවරණ කමටිටුවේ අධික්ෂණය ඇතිව ක්‍රියාත්මක වූ නිලවරණයේ දී 2025 – 2027 වර්ෂයන් සඳහා ශම්මි සිල්වා ඇතුළුව පත් වූ නව නිලධාරි මඬුල්ල ප්‍රකාශයට පත් කරන්නට යෙදුණේ එම නිලවරණ කමිටුවේ සභාපතිණිය වූ විශ්‍රාමික අභියාචණාධිකරණ විනිසුරුවරියක වන මාලනී ගුණරත්න ය.
වැඩ බලන ලේකම්වරයා ලෙස කටයුතු කළ ක්‍රිෂාන්ත කපුකොටුව මෙවරත් උප ලේකම් ධූරයට පත් වූ අතර ඔහු දැරූ ලේකම් ධූරය හිමි වුණේ බන්දුල දිසානායකට ය.සෙසු නිලතල වගකීම් තිබූ පරිදිම තව දුරටත් ඉදිරියේ දි ද ක්‍රියාත්මක වනු ඇත.
2025–2027 වාරය සඳහා පහත සඳහන් නිලධාරී මණ්ඩලය නිතරගයෙන් තේරී පත් විය.

  • ගරු සභාපති: ෂම්මි සිල්වා මහතා
  • ගරු උප සභාපති: ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා
  • ගරු උප සභාපති: රවීන් වික්‍රමරත්න මහතා
  • ගරු ලේකම්: බන්දුල දිසානායක මහතා
  • ගරු භාණ්ඩාගාරික: සුජීව ගොඩලියද්ද මහතා
  • ගරු සහකාර ලේකම්: ක්‍රිෂාන්ත කපුවත්ත මහතා
  • ගරු සහකාර භාණ්ඩාගාරික: ලසන්ත වික්‍රමසිංහ මහතා

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...