සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමඟ ඇරඹි ඉරානයට එරෙහි ඇමරිකා හා ඊශ්‍රායල් යුද්ධයේ තවත් අධියරක් වශයෙන් ඇමරිකා සෙබළුන් භූගෝලීය මෙහෙයුම සම්බන්ධ වීමට සුදානම් බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉරානයේ විප්ලවී හමුදාවේ(IRGC) අල්- අන්බියා ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ඒබ්රහිම් සුල්ෆිකාරි ඊයේ(30)දිනයේදී එරට රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප් ගොඩබිම් මෙහෙයුමක් හා පර්සියානු දුපත් අත්පට් කර ගැනීමක් සම්බන්ධයෙන් ඉරානයට තර්ජනය කරනවා, ඇමරිකාවේ ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයේ දැඩි පීඩනයකට ලක්වෙලා ඉන්න බවට සැකයක් තියෙනවා. එප්ස්ටින් ලේකන වලට ඔහුගේ ඇති සම්බන්ධය කියලා සියෝන්වාදීන් අගමැතිවරයා ඔහුව ඉරානයට එරෙහිව ඉත්තෙක් කරගෙන ඉන්නේ, අමරිකාව් ජනාධිපතිවරයා දැන් ලෝකයේ සිටින බොරුකාරම ජනාධිපතිවරයා වෙලා,
ට්‍රම්ප් උදේට අපට තර්ජනය කරලා එදාම හවසට සාකච්ජා ගැන කතා කරලා, පැය කිහිපයකින් යුද්ධය පටන් ගන්නවා. මේ අසමබර, රැවටිලිකාර මනුස්සයා ඇමරිකාවේ වගේම ලෝකයේ අනෙක් රටවල ජනතාවට විශාල හානියක් කරලා අවසන්, විශේෂයෙන්ම බටහිර ආසියානු කලාපිය රටවලට,
තමන් දන්න එකම භාෂාව යුද්ධය බව ඇමරිකානු ජනාධිපතිවරයා ඔප්පුකර අවසන්, ඉරානයේ ඇතැම් කොටස් අල්ලාගැනීමට හෝ, ගොඩබිම් මෙහෙයුම් කිරීමට ජනාධිපති ට්‍රම්ප් කරලා තියන ප්‍රකාශ ගැන අපට කියන්න තියෙන්නේ ඒවා, නිකම්ම නිකම් සිතිවිලි බවයි. එහෙම වුනොත් ඇමරිකාණු හමුදාවේ අණ දෙන නිලධාරීන් හා සෙබළුන් පර්සියානු බොක්කේ ඉන්න මෝරුන්ට රසවත් ආහාරයක් වෙයි.” යනුවෙනි.



