ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: අද (31) දවස වන විට ආසියානු වෙළෙඳපොළේ තෙල් මිල අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.
එක්සත් ජනපදය වෙළඳාම් කරන WTI තෙල් මිල බැරලයකට 3% කින් ඉහළ ගොස් ඩොලර් 106 (£80.52) කට ආසන්න වී ඇති බව දැක්වෙයි.
පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වීමෙන් පසු පළමු වරට එක්සත් ජනපද තෙල් මිල ඊයේ (30) ඩොලර් 100 ට වඩා ඉහළ ගොස් ඇති අතර එය 2022 ජූලි මාසයෙන් පසු එක්සත් ජනපද තෙල්වල ඉහළම මිල ලෙස වාර්තා වී තිබේ.
බ්‍රෙන්ට් බොරතෙල් මිලද අද දවස වන විට 2% කට වඩා වැඩි වී තිබෙන අතර බැරලයක් ඩොලර් 115 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මේ වන විට යුද්ධය කඩිනමින් අවසානයක් දක්වා පැමිණිය යුතු අවට ගෝලීය බලපෑම තීව්‍ර වී තිබෙන අතර යුද්ධය ආරම්භ කළ ඇමරිකාව සහ ඊශ්‍රායලය තුළද යුද්ධය වහා නැවත්වීමට බලකරමින් විරෝධතා පැවැත්වෙයි.


