මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW): මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබෙන බව වාර්තා වේ.

රජයේ මුදල් කාරක සභාව හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර සිදු වූ සියලු ලිපි ගණුදෙනු මත පදනම්ව,ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටළුවට සාධාරණ විසඳුමක් සහිතව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024-2026 වැටුප් සංශෝධනය ශීර්ෂය සහිත 2024-03-16 දිනැති ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිපියට විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡාවට තුඩු දී ඇති වැටුප් වැඩි කිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කර ඇති බව නිවේදනය කළේය.

මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර තිබෙන්නේ, දිනේෂ් ස්ටීවන් වීරක්කොඩි, අර්ජුන හේරත්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, ඇන්තනී නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස්. විජේසිංහ, දුමින්ද හුලංගමුව යන මහත්ම මහත්මීන් වේ.

ශ්‍රී ලංකා මහබැංකුවට අදාළ මෙන්ම විශේෂිත කාර්ය මණ්ඩලවල ප්‍රවීනත්වය ප්‍රමුඛ කර සියළු කාර්ය මණ්ඩල ශ්‍රේණිවල පාරිශ්‍රමික සාධාරණ ලෙස ගැලපුම් කිරීම මෙම කමිටුව විසින් කරනු ඇති බවට රජයේ මුදල් කාරක සභාව අපේක්ෂා කරන අතර, වෘත්තීය කාර්ය මණ්ඩලයට වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදය වෘත්තීය නොවන සහ සෙසු කාර්ය මණ්ඩලයෙන් වෙන් කළ යතු බවට ද දැඩි ලෙස නිර්දේශ කර ඇත.

අනුගත සංශෝධනවලදී ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩල පාරිශ්‍රමික, විනිවිදයනසුළු ක්‍රමවේදයකට අනුව සිදු කිරීම මෙම කමිටුව විසින් කළ යුතු බවට රජයේ මුදල් කාරක සභාව ද නිර්දේශ කර ඇති බවද සඳහන්වේ.

ඒ පිළිබඳ වාර්තාව සති 4ක් ඇතුළත රජයේ මුදල් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත්, ලැබී ඇති කරුණු මත අන්‍යෝන්‍යව පිළිගත් විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩිවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කල්දමන ලෙසත් රජයේ මුදල් කාරක සභාව නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...