කොළඹ LNW:අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍ය රේගුවෙන් නිදහස් කළ මිල හා වෙළෙඳපොළ මිල අතර පවතින දැඩි විෂමතාවය සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී හෙට (02) සාකච්ඡා කිරීමට නියමිතයි.
ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව,වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, පාරිභෝගික සේවා අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය කැඳවා තිබේ.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාට ද ඊට ආරාධනා කර .ඇත.
එම කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාය.
ASK