සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමයි.

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW): සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වර්ජනය පැය 24 කින් කල්දමයි. රෝහල් 10 ක හෙට උදෑසන 6.30 සිට සේවාවෙන් ඉවත්වීමේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අද දවසේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාව හදිසි කාරණාවක් නිසා හෙට සවස දක්වා කල් තැබූ බව සෞඛ්‍ය ලේකම්වරයා විසින් දැනුවත් කොට ඇති අතර, මේ හේතුව නිසා හෙට දිනට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය 24කින් කල් තැබීමට සෞඛ්‍ය වෘත්තීය සබඳි සන්ධානය තීරණය කරන ලද බව පැවසේ.

එසේම හෙට උදෑසන 6.30 සිට රෝහල් 10 ක පැය හතරක සේවාවෙන් ඉවත් වීමේ වාදන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව පැවසේ.

  1. ශ්‍රී ලංකා ජාතික රෝහල
  2. කරාපිටිය ශික්ෂණ රෝහල
  3. යාපනය ශික්ෂණ රෝහල
  4. මඩකලපුව ශික්ෂණ රෝහල
  5. පේරාදෙණිය ශික්ෂණ රෝහල
  6. කෑගල්ල මහ රෝහල
  7. පොළොන්නරුව මහ රෝහල
  8. ත්‍රිකුණාමලය මහ රෝහල
  9. වව්නියාව මහ රෝහල
  10. මන්නාරම මූලික රෝහල ඒවාට අයත් රෝහල් බව දන්වා සිටී.

ඉදිරි පැය කීපය අතුලත මෙම ගැටලුව විසදුමක් නොලැබේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව සන්ධානය දන්වා සිටී.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...