රාජ්‍ය ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් ඛාන්ගේ සිර දඬුවම පකිස්ථාන අධිකරණය තාවකාලිකව අත්හිටුවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රාජ්‍ය ත්‍යාග නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ සිදුවීමකට අදාළව පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවීමට ඉස්ලාමාබාද් මහාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ.

පසුගිය ජනවාරි 31ව දා ඉම්රාන් ඛාන්ට හා ඔහුගේ බිරිඳ වන බුෂ්රා බීබීට රාජ්‍ය ත්‍යාග විකිණීම හා සම්බන්ධයෙන් වසර 14ක සිර දඬුවම් පැනවූ අතර එක් අයෙකුට රුපියල් මිලියන 787 (ඩොලර් මිලියන 2.8) ක දඩ මුදලක්ද ඇතුළුව වසර 10 ක කාලයක් රජයේ නිලතල සඳහා තරඟ කිරීමට නුසුදුස්සෙකු බවට පත් කරන ලදී.

මේ සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් මහාධිකරණය අද(01)සඳහන් කර තිබුණේ, දින 10 කින් ආරම්භ වන ඊද් නිවාඩුවෙන් පසු නඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තෙක් යුවළගේ දඩුවම අත්හිටුවන බවයි.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් 2018 සිට 2022 අප්‍රේල් දක්වා අගමැතිව සිටියදී ඔහුට ලැබුණු රුපියල් මිලියන 140 (ඩොලර් 504,000) කට වඩා වටිනා රාජ්‍ය ත්‍යාග විකිණීම මත පදනම්ව වත්කම් හෙළි නොකළ බවට චෝදනා එල්ල විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...