03වැනිදාට රට පුරා ඇඳිරි නීතිය වැටෙයිද?

Date:

එළඹෙන 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධතා සමඟ යම් නොසන්සුන්තාවක් මතු වීමේ අවදානමක් පවතින හෙයින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා විය.

ජනාධිපතිවරයාගේ මිරිහාන නිවස ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිට අළුයම දක්වා පැවති විරෝධතාව සමඟ ඇති වූ දැඩි නොසන්සුන්තාව මත එළඹෙන 03 වැනිදාද රට පුරා යම් නොසන්සුන්තාවක් මතු විය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමඟ පැවති විශේෂ සකච්ජාවේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව වාර්තා වන පරිදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ 03 වැනිදාට ක්‍රියාත්මක වන ලෙස රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන්.

පවතින තත්ත්වය මත ඉදිරි පැය කිහිපය තුළදී මතුවන විශේෂතා සැලකිල්ලටගෙන ඒ ගැන තීරණයකට එළඹෙනු ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය.

මේ අතර අද ජනාධිපතිවරයා සමඟ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පැවැත්වූ සකාච්ජාවේදී අදහස් දැක්වීමකට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් එස්.බී.දිසානායක මහතා නැගිට ඇති අතර සෙසු මන්ත්‍රීවරු ඔහුට විරෝධය පළකර ඇත්තේ තවදුරටත් ප්‍රශ්න අවුල් නොකර සිටින ලෙස අවධාරණය කරමින් බවද අප වෙත වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW: මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු...

නයිජීරියාවේ බෝට්ටුවක් ගිලී යාමෙන් අවම වශයෙන් 60 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නයිජීරියාවේ උතුරු-මැද...

හෙල්ලෙන් ලොව තරණය කරන තරංගට ජනකගෙන් හරි එල්ලය ගන්න හෙල්ලක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 04, කොළඹ LNW: රුමේෂ් තරංග ශ්‍රී ලංකා...

ලෝක බැඩිමින්ටන් ශ්‍රේණිගත කිරීම්වල කාන්තා යුගල දෙකක් ද සියයෙන් මෙපිටට

සටහන – නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 04, කොළඹ LNW:  ශ්‍රී ලංකා...