*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

පොලීසිය ගහලා තියෙන්නෙ උද්ඝෝෂකයන්ට නෙවෙයි කවර් කරන්න ආපු මාධ්‍යවේදීන්ට – ඇටකටු කඩන එක අවම බලයද ? (Video)

ඊයේ රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවීම හේතුවෙන් අවම බලය යොදා තත්වය පාලනය කිරීමට කටයුතු කළ බව පොලීසිය අද නිවේදනය කළේය.

උද්ගෝෂකයන් 50 කට අධික ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර කෙසේ නමුත් නීතිඥයන්ගේ මැදිහත්වීම මත ඔවුන් මුදා හැරීමට පොලීසිය කටයුතු කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අදහස් පළ කළේය. ඔහු සඳහන් කරන්නේ අවම බලය යොදා තත්වය පාලනය කළ බව පොලීසිය ප්‍රකාශ කළද ජනතාවට අමානුෂික ලෙස පහර දී ඇති බවයි. ඇතැම් පුද්ගලයන්ගේ අත් කකුල් කඩාදමා ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, අවම බලය යනු ඇටකටු කඩා දැමීමදැයි ප්‍රශ්න කරනවා.

උද්ගෝෂකයන්ට පමණක් නොව උද්ගෝෂණය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් පිරිසකට අමානුෂික ලෙස පොලීසිය විසින් පහර දී ඇති බවත්, පොලිස් නිළධාරීන්ගේ අමානුෂික පහරකෑමට ලක් වූ මාධ්‍යවේදීන් රෝහල්ගත කිරීම පසෙක තබා ඔවුන් මිරිහාන පොලීසිය වෙත රැගෙන ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

මාධ්‍යවේදීන් ලෙස රජයේ ලියාපදිංචි වී සිටින, රජයේ නිළ හැඳුණුම්පත අතැතිව සිය රැකියාවේ නිරත වන මාධ්‍යවේදීන්ට පහරදීම ප්‍රජාතන්ත්‍රවාදයදැයි ඔහු විමසා සිටිනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan