මත්පැන් නිෂ්පාදකයින්ට අලුත් නියෝගයක්. පිරිවැය ඉහළ යන බවට චෝදනා !

අද (අප්‍රේල් 01) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට නිෂ්පාදනය කරන සියලුම මත්පැන් සහ බියර් බෝතල් සහ කෑන්වල නිෂ්පාදිත දිනය මුද්‍රණය කිරීම අනිවාර්යය බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා නිවේදනය කර තිබේ.

ඒ අනුව සියලුම මත්පැන් නිෂ්පාදකයින් අද සිට මත්පැන් බෝතල්වල සහ කෑන්වල මූඩියට පහළින් සහ අලවන ලද ලේබලයට ඉහළින් නිෂ්පාදිත දිනය මුද්‍රණය කළ යුතුව ඇත.

කෙසේවෙතත් මත්පැන් අලෙවිසැල්වල අලෙවි කරන මත්පැන් බෝතල්වල ආරක්ෂිත සලකුණු යෙදීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා විදෙස් විනිමය වැය කරමින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ස්ටිකරයක් ඇලවීමට කටයුතු කර තිබියදීත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මේ තීරණය මගින් තහවුරු වන්නේ එම ස්ටිකරය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැතිය යන්න බවයි සුරාබදු වෘත්තීය සමිති පවසන්නේ.

එමෙන්ම මත්පැන් බෝතල්වල ආරක්ෂිත සලකුණු යෙදීම පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ක්‍රමවේදයක් බැවින් එක කඩකිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට කිසිදු අයිතියක් නොමැති බවත් මත්පැන් නිෂ්පාදිත දිනය මුද්‍රණය කිරීම සඳහා මත්පැන් නිෂ්පාදකයින්ට විශාල පිරිවැයක් දරා යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට සිදුවන බවත් වෘත්තීය සමිති වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...