එස්. එෆ්. සරත්ට මරණ දඩුවම නියම වෙද්දී දෙමටගොඩ චමින්ද ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්!

Date:

කොළඹ LNW:2014 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් එස්. එෆ්. සරත් නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් එම තීන්දුව ලබා දී ඇත.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටි චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.

2014 වසරේ අගෝස්තු මස පළමු වැනිදා බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළදී හෙට්ටිආරච්චිගේ දුමින්ද නමත්තකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එම නඩුව විභාග විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...