අර්ජුන් ඇලෝෂියස් ඇතුළු මෙන්ඩිස් සමාගමේ තිදෙනෙකුට වරෙන්තු

Date:

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් පැවරූ නඩුවක් ඊයේ (01) කැඳවූ අවස්ථාවේදී ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

මෙසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අර්ජුන් ඇලෝෂියස්, අන්තනි රන්දෙව් සහ කුමාරසිරි ද සිල්වා යන තිදෙනාට එරෙහිව ය.

2016 – 2019 කාලසීමාව සඳහා රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5 ක වැට් බදු මුදල් ගෙවන ලෙස විත්තිකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2020 වසරේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණු අතර එම නඩුව විභාග කිරීමෙන් පසුව 2023 වසරේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විත්තිකරුවන්ට නියෝග කර තිබුණේ එම බදු මුදල ගෙවන ලෙසයි.

එම නියෝගය ප්‍රකාරව කටයුතු නොකිරීමත් ඊයේ දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීමත් හේතුවෙන් ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත.

කෙසේවෙතත් විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරිය ඊයේ අධිකරණයට දැනුම් දී තිබුණේ මහේස්‍ත්‍රාත් අධිකරණයේ නියෝගයට එරෙහිව විත්තිකරුවන් විසින් මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

නඩුව මැයි 06 වනදා නැවත කැඳවීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...