(VIDEO):NPP නාට්‍යයේ ප්‍රතිඵල ඉස්සරහට බලාගන්න පුළුවන්.ප්‍රතිඵලයට ඔවුනුත් පුදුම වෙයි – තිස්ස

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගය දැන් හැසිරෙන්නේ ජනාධිපතිවරණය දිනලා දිවුරුම් දීලත් අවසන් ආකාරයෙන් වන අතර නමුත් බිම් මට්ටමේ එවැනි තත්ත්වයක් නොමැති බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

2019 දී ඔවුන් හිටියේ ලක්ෂ 4 ක සිමාවක වන නමුත් මෙවර ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන ජනාධිපති අපෙක්ෂකයා ඡන්ද ලක්ෂ 72 කට 74 කට ආසන්න ප්‍රමාණයකට යා යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”වාර්ෂිකව වැඩි වන ඡන්ද ප්‍රමාණය සමඟ සෑම ජනාධිපතිවරණයකදීම ලක්ෂ 5 කින් පමණ වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනන අපෙක්ෂකයා අරගෙන තිබෙනවා. ඒ නිසා ලක්ෂ 74 ක් වගේ ඡන්ද ඉලක්කයකට යන්න ජාතික ජනබලවේගයට පුලුවන්ද? ලක්ෂ 4 සිට ලක්ෂ 70 ක් ලබාගැනීමට තිබෙන හැකියාව ඔවුන් තක්සේරු කරලා බලලා නෑ. ජාතික ජනබලවේගයට දිනන්න එක ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්ද 1000 ක්වත් හොයාගන්න වෙනවා. ඒක කරන්න පුලුවන්ද? පොදුජන පෙරමුණට ඡන්දය දුන් යම් පිරිසක් ඔවුන්ගේ මතය වෙනස් කරගෙන තිබෙනවා. පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් සියලු දෙනාම කිසිදු වෙනත් දේශපාලන පක්ෂයකට සහාය දක්වලා නෑ. ජාතික ජනබලවේගයට දිනන්නනම් පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රමාණය ඒ ආකාරයෙන්ම ජාතික ජනබලවේගයට ලැබිය යුතුයි. එහෙම නැතිව ඔවුන්ට දිනන්න බෑ. බිම් මට්ටමේ සමගි ජනබලවේගයට තිබෙන ශක්තිය ජාතික ජනබලවේගයට ගොඩ නගන්න බෑ. පොදුජන පෙරමුණේ දේශපාලන ව්‍යාපාරියත් ගම්වලින් අතුගෑවිලා යනවා. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහනය කරන්න පුලුවන් පදනම මේ වනවිට ලංකාවේ සෑම කොට්ඨාසයකම ඇතිවෙමින් තිබෙනවා. ජාතික ජනබලවේගයේ නාට්‍යයේ ප්‍රතිඵල ජනාධිපතිවරණයේදී බලාගන්න පුලුවන්. ජාතික ජනබලවේගය පුදුම කරවන ප්‍රතිඵලයක් ජනාධිපතිවරණයේදී ඔවුන් ලබාගනී.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...