*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ලෝක බැංකුවෙන් යුක්රේනයට අනතුරු ඇඟවීමක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ලෝක බැංකුව අනතුරු අඟවමින් පවසන්නේ, ලබන වසර මුලදී යුක්රේනය බංකොලොත් වීමේ අවදානමක් ඇති බවයි.

ලෝක බැංකුවේ නිලධාරියෙක් පසුගියදා මාධ්‍ය වෙත කියා සිටියේ, බටහිර රටවල් සිය ණය කපා හැරීමට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නොවන්නේ නම් මෙය සිදුවීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවයි විය හැකි බවයි,.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , යුක්‍රේනය එහි බටහිර ආධාරකරුවන්ගේ මූල්‍ය ආධාර මත රඳා පවතින නමුත් මෑත මාසවලදී විදේශ සහයෝගය අඩු වී ඇති බවයි.

ලෝක බැංකු නිළධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, අමෙරිකාව විසින් ලබා දීමට සැළසුම් කර ඇති ඩොලර් බිලියන 60 ක ආධාර පැකේජයද කොන්ග්‍රසය තුළ මේ වනවිට ඇනහිට තිබෙන අතර, 2025 දී බටහිර ණයහිමියන් පෞද්ගලික සමාගම් හා බැංකුවල ණය ඇතුළු යුක්‍රේනයේ ණය කපා හැරීම ප්‍රතික්ෂේප කළහොත් රට බංකොලොත් භාවයට මුහුන දිය හැකි බවයි.

යුක්රේන රජය මේ වසරේ ඩොලර් බිලියන 43.9 ක වාර්තාගත අයවැය හිඟයක් අපේක්ෂා කරන අතර එහි බටහිර ආධාරකරුවන්ගේ මූල්‍ය ආධාරවලින් වැඩි කොටසක් ආවරණය කිරීමට සැලසුම් කරන බව වාර්තා වේ.

යුක්රේනයේ ආර්ථික අර්බුදය බොහෝ කලකට පෙර ආරම්භ වූ බවත්, රටේ බංකොලොත් භාවය දැනටමත් වාර්තා වී ඇති බවත් පසුගිය වසරේ යුක්රේනයේ හිටපු අගමැති නිකොලායි අසාරොව් තර්ක කළ බවද සදහන් වේ.

හිටපු අගමැති වරයාට අනුව, යුක්රේනයේ බංකොලොත් භාවය පෙන්නුම් කරන්නේ එහි අයවැයට අරමුදල් සැපයීමට ඇති නොහැකියාව තුළ එය සම්පූර්ණයෙන්ම පාහේ බටහිර ආධාර මත රඳා පවතින බැවින් බව පැහැදිළි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan