බදු පැහැර හැරීම නිසා බලපත්‍ර අත්හිටවූ මධ්‍යසාර නිෂ්පාදන සමාගම්වලට බදු ගෙවන්නත් පෙර නැවතත් බලපත්‍ර දීලා – සජිත්

0
507

පසුගිය කාලයේ නිවැරදිව බදු නොගෙවීම තුළ ඇතැම් මධ්‍යසාර නිෂ්පාදන ආයතනවල බලපත්‍ර අත්හිටවූවත් බදු අය කර ගැනීමටත් පෙර එම බලපත්‍ර ලබා දී ඇති බවට ක්‍රම සහ විධි කමිටු වාර්තාවෙන් අනාවරණය වන බැවින් එවැනි වැරදි දේවල් සිදු නොකර බදු අය කර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

ක්‍රම සහ විධි කමිටුවේ වාර්තාවේ සඳහන් බදු නොගවපු පුද්ගලයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර වහාම බදු අය කර ගන්නා ලෙසත් එසේ නොවන්නේ නම් රජය අසාර්ථක එකක් යැයි සිතීමට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

RN