ට්‍රම්ප්ගෙන් අදත් ගෝලීය ආර්ථිකයටම පහර දිය හැකි නව තීරුබදු රැසක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද(02)නව තීරුබදු රැසක් ප්‍රකාශයට පත් කිරීමට සුදානම් බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

නව තීරුබදු සම්බන්ධයෙන් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ඊයේ(01)දිනයේදී ප්‍රකශ කර තිබුණේ, ට්‍රම්ප්ගේ තීරුබදු බදාදා(02) එළිදැක්වීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන බවයි.

ජනාධිපති ට්‍රම්ප් අද සන්ධ්‍යාවේදී ‘ඇමරිකාව නැවතත් ධනවත් කරන්න’ යනුවෙන් මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වීමට නියමිත වන අතර, එහිදී නව තීරුබදු ප්‍රකාශයට පත්කෙරෙනු ඇති අතර මෙම තීරුබදු අනෙකුත් රටවල් එක්සත් ජනපදයෙන් අය කරන ප්‍රමාණයට වඩා අඩු වනු ඇති බව ප්‍රකශකර තිබේ.

කෙසේ නමුත් ආර්ථික විශේෂඥයින් සඳහන් කරන්නේ, වෙළඳ යුද්ධයක් ළං වෙමින් පවතින බවත්, එය සමස්ත ගෝලීය ආර්ථිකයටම පහර දිය හැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...